25.6 C
Colombo
Saturday, July 19, 2025

වනඅලින්ට ප්‍රතිකාර කරන්න රෝහලක්

- Advertisement -

වනඅලින්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් රෝගී තත්ත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක් සහ ජංගම වෛද්‍ය ඒකකයක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පොළොන්නරුව වනජීවී කලාපයේ වෙඩි වැදී රෝගී තත්ත්වයේ පසුවන හස්ථියා නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීයි.

ඇතාගේ දකුණු පාදයට වෙඩි වැදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ මෙම හස්ථියා සඳහා ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඇතාට අවශ්‍ය ආහාර පාන ලබා දීම හා අනෙකුත් පහසුකම් කලුන්දෑව වනජීවී ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.

ඒ අනුව, අද දිනයේ දී පෙර පැවති තත්ත්වයට වඩා රෝගී වූ හස්තියාට තම ඉදිරි පාදය තබමින් යම් සුළු චලනයක් සිදු කිරීමට හැකි වී තිබෙනවා.

හස්ථියාගේ ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීම සඳහා සියලු පහසුකම් සලසන ලෙසත් ස්කෑන් පරීක්ෂණ, රුධිර සාම්පල් පරීක්ෂණ කඩිනම් කරන ලෙසත් පරිසර අමාත්‍යවරයා මෙහිදී වනජීවී දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා. 

RECENT ARTICLES - SINHALA

රුවන්වැල්ලේ ගමනාගමනය සීමා කෙරේ: රියදුරන්ට නිවේදනයක්

සීතාවකපුර කොට්ඨාසයේ රුවන්වැල්ල පොලිස් වසමේ පිහිටි යටන්වල ස්වර්ණ වලුකාරම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන්  අද (19) එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. අද...

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

POPULAR ARTICLES