28.9 C
Colombo
Thursday, July 10, 2025

ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

- Advertisement -

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හිදී පැවැත් වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 113ක දැවැන්ත පරාජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (8) සිදුවුණා.

ඒ අනුව, තරග 3කින් යුත් මෙම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට නවසීලන්තයට හැකිවුණා.

පන්දුවාර 37කට සීමා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස්කිරීමට සමත් වුණා.

කෙසේ නමුත්, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාවට පන්දුවාර 30.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142ක් පමණයි.

කමිඳු මෙන්ඩිස් පන්දු 66කදී ලකුණු 64ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට සාර්ථක ඉනිමක් ක්‍රීඩාකිරීමට නොහැකි වුණා.

නවසීලන්තය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීම නිතර වූ විල් ඕ’ රුර්ක් ලකුණු 31කට කඩුලු 3ක් දවාගත්තා.

RECENT ARTICLES - SINHALA

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...

බදු තවත් අඩු කරගන්න බලනවා – හර්ෂණ

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබදු ප්‍රමාණය ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වයක් බවත්, නමුත්  තවත් අඩු කරවාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් මුදල්...

POPULAR ARTICLES

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

පරාජයේ වාර්තාව ඉන්දියාවට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි වුයේ නැහැ. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර...

සුදුවෙන ක්‍රීම් නිසා මහියංගනේ පවුල් ප්‍රශ්න

පවුල් ආරවුල් සම්බන්ධයෙන් මහියංගණයට ලැබෙන පැමිණිලි අතරින් බොහොමයක්ම සැමියා උපයන මුදල් බිරිඳ විසින් අසීමිත ලෙස රූපලාවණ්‍ය කටයුතු සඳහා වැයකිරීම මත ඇතිවූ ආරවුල් බවට...