ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කර ගැනීමට සමත් වුණා.
විශිෂ්ට පිතිකරණයක නිරත වූ රහමනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් රැස් කර ගත්තා.
හස්‍රතුල්ලා සසායි ලකුණු 45ක් රැස් කරමින් ඔහුට අනගි සහායක් ලබා දීමට සමත් වුණා.
මතීෂ පතිරණ ලකුණු 42කට කඩුලු 02ක් සහ අකිල ධනංජය ලකුණු 37කට කඩුලු 02ක් දවා ගත්තා.