26.4 C
Colombo
Thursday, March 28, 2024

දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක්

- Advertisement -

තුන්වන T 20 තරගයෙන් කඩුලු 10ක දැවන්ත ජයක් ලැබූ දකූණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට එරෙහිව 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලබන්න⁣ට සමත් වුණා.

ආර්. ප්‍රේමදාස පිටපියේ කාසිය වාසිය දිනූ දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තා.

නමුත් කිසිදු සැලසුමකින් තොරව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිරකරණය හේතුවෙන් නියමිත පන්දුවාර 20 තුළ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 120 කට සීමා වුණා.

කුසල් ජනිත් ලකුණු 39ක් සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.

කාගිසෝ රබාඩා සහ බියොන් ෆෝර්ටේන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

මේ අතර පන්දුවට පහරදීමෙන් අනතුරුව ස්වසන අපහසුතාවක් ඇතිවීම හේතුවෙන් කුසල් ජනිත් පන්දු රැකීම සඳහා පිටිය පැමිණියේ නැහැ. ඒ අනුව අතිරේක ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට නම් කර සිටි දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීම සඳහා පිටිය⁣ට පිවිසියා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාර්ථක වීමට කිසිදු ඉඩක් ලබා නොදුන් රීසා හෙන්රික්ස් සහ ක්වින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය වෙත සුරැකිව රැගෙන ගියා.

පන්දුවාර 14.4 කදී දකුණු අප්‍රිකානුවන් කිසිවෙකු නොදැවී ජයග්‍රාහී ලකුණු 121 සම්පූර්ණ කරගත්තා.

සිය 7වන T20 අර්ධ ශතකය සම්පූර්ණ කළ හෙන්රික්ස් නොදැවී ලකුණු 56යි.

තරගයේ වීරයා වූ ඩි කොක් නොදැවී ලකුණු 59යි. මෙය ඔහුගේ 10වන T20 අර්ධ ශතකයයි.

ඒ අනුව 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලබන්නට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...