30 C
Colombo
Wednesday, June 25, 2025

රතු වරෙන්තු නිකුත් කර තිබූ අඹු –සැමි යුවළක් අත්අඩංගුවට

- Advertisement -

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස නම්කර සිටි; මෙරටින් පලා ගිය අඹු – සැමි යුවළක් සහ ඔවුන්ගේ බාලවයස්කාර දරුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) රාත්‍රියේ දී මෙම සැකකරුවන් යුවළ සිය දරුවා ද රැගෙන නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදියි අත් අඩංගුවට ගැනුණේ.

මෙරට තුළ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර ඇති බවට සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

කොළඹ – 05 ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් සහ 43 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ 14 හැවිරිදි දරුවා ඉකුත් 2021 වසරේ දී බෝට්ටු මගින් ඉන්දියාව වෙත පලා ගොස් තිබුණා.

ඔවුන් ඒ වනවිට ශ්‍රී ලංකාව පුරා මූල්‍ය වංචා විශාල වශයෙන් සිදු කර තිබූ අතර, ඔවුන්ට එරෙහිව කොළඹ , ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවල අධිකරණ මගින් ගුවන් ගමන් තහනම් 08ක් ද පනවා තිබියදියි රටින් හොර රහසේ ම පලා ගොස් ඇත්තේ.

සැකකරු සහ ඔවුන්ගේ බාල වයස්කාර දරුවා ඊයේ දහවල් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන්පසුව ඔහුගේ බිරිඳ ද එදින රාත්‍රීයේ ඉන්දියාවේ සිට තවත් ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමේ දී අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් පිළිබඳ මූලික විමර්ශන කටයුතු සිදු කළ කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත අද (27) අලුයම භාර කෙරුණා.

RECENT ARTICLES - SINHALA

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 30ක් වූ තරුණයින් දෙදෙනෙක්.  ඔවුන්ගේ යතුරුපැදිද...

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම...

ඉන්ධන හිඟය ගැන සංස්ථාව කියන කතාව

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස...

POPULAR ARTICLES