32 C
Colombo
Saturday, March 25, 2023

Youtube හරහා රජය විවේචනය කළැයි මාධ්‍යවේදියෙක්ට එරෙහිව විමර්ශනයක්

- Advertisement -

Youtube සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුව රජය විවේචන කිරීමේ චෝදනා මත මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මීට අදාළ කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

එමෙන්ම විමර්ශනයේ උදෘත නීතිපතිවරයාට යොමුකර ඇති බවද අධිකරණයට දැනුම්දී තිබෙනවා.

නඩු අංකය 22659/22 යටතේ මෙම විමර්ශනය පවත්වාගෙන යන අතර ඔහුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක්ද පවතින බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් The Digital Journalists Collective සාමුහිකය පවසන්නේ තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදියාට නඩු පැවරීම ද්වේශ සහගත ක්‍රියාවක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) අ වගන්තිය අනුව ‘සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇති බව නිවේදනයේ සදහන්.

එසේම රජයේ ක්‍රියාකාරිත්වය විවේචනය කළ හැකි බව ද විජේරත්න එදිරි ව පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ (SC/FR/379/93) පැහැදිලිව දක්වා ඇති බවත් ඔවුන් මෙම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

තරිදු උඩුවරගෙදර යනු කලක් ‘රාවය’ පුවත්පතෙත්, පසුව ‘අනිද්දා’ පුවත්පතෙත් සේවය කළ මාධ්‍යවේදියෙක් වන අතර ජනමාධ්‍ය සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම තරුණ ජනමාධ්‍යවේදියා ලෙස සම්මානයෙන් පිදුම් ලද පුද්ගලයෙක්ද වනවා.

මීට අමතරව ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ආන්දෝලනාත්මක ජෙට් සවාරිය පිළිබදව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා.

ගෝල්ෆේස් අරගල භූමිය ආරම්භයේ සිටම සක්‍රීයව ඊට දායකවූ තරිදු උඩුවරගෙදර මීට පෙර අවස්ථාවක ගුවන් හමුදා බුද්ධි අංශයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය ගණනාවක ප්‍රශ්න කිරීමක්ද සිදුකළා.


RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...