කටාර් රාජ්‍යයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුඛෝපභෝගී ජෙට් යානයක් ත්‍යාගයක් ලෙස පිරිනැමෙන බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ABC ප්‍රවෘත්ති සේවය පසුගියදා වාර්තා කර තිබුණේ, කටාර් රාජකීය පවුලෙන් ඇමරිකාව වෙත, බෝයිං 747-8 ජම්බෝ ජෙට් යානය පිරිනැමීමට සූදානම්ව ඇති අතර එය එක්සත් ජනපද රජයට ලැබෙන වඩාත්ම මිල අධික තෑග්ග විය හැකි බවයි.
කෙසේවෙතත්, එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු එවැනි ත්‍යාගයක් පිළිගැනීම දැඩි නීති උල්ලංඝනය කිරීමක් විය හැකි වන අතර, ට්‍රම්ප්ගේ පවුලේ ව්‍යාපාර සහ රාජ්‍ය කාර්යාල භාවිතය සමඟ ලබැඳියා අතර ගැටුමක් හට ගනු ඇති බව විචාරකයින් පෙන්වා දෙනවා.
මේ වන ඩොනල්ඩ් ට්‍රම්ප් අදාළ වාර්තා සනාථ කර ඇති අතර ඔහු පවසා ඇත්තේ එම ගුවන් යානය ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන තාවකාලික ත්‍යාගයක් බවයි.
එක්සත් ජනපද ව්‍යවස්ථාව මඟින් රජයේ නිලධාරීන්ට “ඕනෑම රජෙකුගෙන්, කුමාරයෙකුගෙන් හෝ විදේශීය රාජ්‍යයකින්” තෑගි පිළිගැනීම තහනම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ධවල මන්දිරය සහ අධිකරණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ,එම ත්‍යාගය කිසිදු විශේෂ අනුග්‍රහයක් හෝ ක්‍රියාවක් සඳහා හුවමාරුවක් ලෙස ලබා නොදෙන බැවින් එය අල්ලසක් නොවන අතර, නීත්‍යානුකූල ත්‍යාගයක් බවයි.