27 C
Colombo
Wednesday, July 17, 2024

කොල්ලුපිටියේ ඉඩමක් අවුරුදු 99 කට බදු දිලා

- Advertisement -

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් එක්ස්පො ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් ( පුද්ගලික) සමාගම වෙත නිවාස ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කොල්ලුපිටිය, මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි නාගරික සංර්වධන අධිකාරිය සතු පර්චස් 40ක ඉඩම් කොටසක් අවුරුදු 50ක දීර්ඝකාලීන බදු පදනම මත එක්ස්පො ප්‍රොපටි ඩිවෙලොපර්ස් (පුද්ගලික) සමාගම වෙත බැහැර කිරීම සඳහා 2007 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරී පනතේ විධිවිධාන පරිදි අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා වන වටිනාකමින් 25%කට සමාන මුදලක් ද අයකර ගනු ලැබ තිබුණා.

එහෙත්, එම ඉඩමේ අනවසර පදිංචිකරුවකු සිටීම හේතුවෙන් ඉඩම් කොටස පැවරීමේ කටයුතු අවසන් කිරීමට නොහැකි වී තිබෙනවා.

එම ඉඩමට යාව පිහිටි තවත් පර්චස් 12 ද ඇතුළුව පර්චස් 52ක සම්පුර්ණ ඉඩම් කොටස නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස වසර 99ක බදු පදනම මත ලබා දෙන ලෙස එක්ස්පො ප්‍රොපටි ඩිවෙලොපර්ස් (පුද්ගලික) සමාගම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබු බව සඳහන් වනවා.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ වර්තමාන තක්සේරුව මත පදනම්ව අදාල ඉඩම් කොටස වසර 99ක බදු පදනම මත අදාල සමාගම වෙත පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී වෙඩිතැබිමක් සිදු තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නිවස ඉදිරිපිටදී 41ක් හැවිරිදි පුද්ගලයෙකුව එලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවයි. වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය...

පොහොට්ටු ලකුණින් අපේක්ෂකයෙක් ඉන්නවා -සංජීව

ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම පොහොට්ටුව ලකුණින් ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයෙකු සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා. ඒ,අද (16) අද රාජගිරිය...

ලබන මාසයේ එන ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත

ලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා එහි කොමසාරිස් ජනරාල් ප්‍රදිප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේ ජාතික හැඳුනුම්පත භාවිතා...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

ස්ට්‍රයික් එක ගැන අනුරයි ලාල්කාන්තයි මත දෙකක

මේ වන විට වැඩකරන ජනතාව විසින් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ග සාධාරණ බවත් ඒවා මැතිවරණ සමයකදී හෝ අයවැය සමයකදී හෝ වෙනත් ඕනෑම සමයකදී ආරම්භ...