දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දින කිහිපයක සිට ඊශ්‍රායලය සහ ලෙබනනනේ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගැටුම් තීව්ර වෙමින් පවතිනවා.
අද (23) දිනයේදී ද හිස්බුල්ලා මරමස්ථාන වෙත ඊශ්‍රායල විසින් එල්ල කරන ලද ප්‍රහාර වලින් මෙම මරණ සිදුව තිබෙ බව පැවසෙනවා.
සති අන්තයේ දී හිස්බුල්ලා සාමාජිකයන් ද ඊශ්‍රායලයට ප්‍රහාර 150ක් පමණ එල්ල කර ඇති අතර, ඉන් ඇතැම් ප්‍රහාර ඊශ්‍රායලයේ නේවාසික පෙදෙස් වෙත එල්ල වී තිබුණා.