27.8 C
Colombo
Wednesday, June 25, 2025

නීතිඥයෙකුගේ නීතීඥභාවය අහෝසි කරලා

- Advertisement -

මුදල් ලබාගෙන නිසි පරිදි නවඩුවකට පෙනී නොසිටි නීතීඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) නියෝග කර තිබෙනවා.

සරත් විජේසිරි ද සිල්වා නැමති නීතිඥවරයාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස නියෝග කර තිබුණා

අදාළ නීතීඥවරයා ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44ක මුදලක් ලබාගෙන ඊට නිසිලෙස පෙනී නොසිට ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරෑ නඩුවේ සඳහන් වනවා.

නීතිඥභාවයෙන් නෙරපා හරිනු ලැබූ තැනැත්තා විසින් රුපියල් මිලියන තුනක වන්දියක් මාස තුනක් ඇතුළත පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

දිවුලපිටිය, වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අචල වෙංගප්පූලි, කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

පැමිණිලිකාර හිමියන් කියා සිටින්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් තමන් වහන්සේ විසින් මිනුවන්ගොඩ සහ කුරුණෑගල දිසා අධිකරණවල නඩු දෙකක් පවරා තිබූ බවයි.

වගඋත්තරකාර නීතිඥවරයා එම නඩුවලට පෙනී සිටීම සඳහා රුපියල් 4,450,000ක මුදලක් තමන් වහන්සේගෙන් ලබා ගෙන පසුව නිසි ආකාරයෙන් නඩු විභාගය සඳහා පෙනී නොසිටි බව පැමිණිලකාර හිමිනම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකෙරුණු අතර එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඔහු විසින් ප්‍රකාශ කර තිබුණා.

අනතුරුව පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෙයි රාජා මහතා සඳහන් කළේ, වගඋත්තරකරු නීතිඥවරුන්ගේ ආචාරධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බැවින් ඔහු නීතිඥ ධුරයක් දැරීමට නුසුදුසු පුද්ගලයකු බවට නඩු විභාගයේදී අනාවරණය වූ බවයි.

ඒ අනුව ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට නියෝග කර මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 03ක වන්දියක් වගඋත්තරකරු විසින් පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

හොරකමකට අදාල වාර්තාවක් අතුරුදහන් වෙලා

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව සහ පොලිස් වාර්තාව...

POPULAR ARTICLES

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

අලාභ වූ දේපොළවලට ජපුර සිසුන්ගෙන් වැඩිපුර සල්ලි අරන්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ  සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම...