30 C
Colombo
Monday, April 21, 2025

නීතිඥවරයෙක් වසර 8කට හිරගෙට

- Advertisement -

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතළ වැඩසහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (08) නියම කළා.

එක් චෝදනාවකට වසර 04 බැගින් විත්තිකරු වරදකරු කෙරුණු චෝදනා දෙකට වසර 08ක අනිවාර්ය බරපතළ වැඩසහිත සිරඳඩුවම් නියම කළ විසුරුවරයා රුපියල් 20,000/-ක දඩයකටද විත්තිකරු යටත් කර තිබෙන බව සඳහන්.

වසර 10ක කාලයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තාවකාලිකව නීතීඥභාවය අත්හිටුවා තිබියදී විත්තිකාර නීතීඥරයා මියගිය නීතීඥවරයකුගේ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කර ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ සිරදඬුවම නියම කර තිබෙනවා.

නීතීය දන්නා පුද්ගලයින් කරන අපරාධ හේතූවෙන් සමාජය මහත් පිරිහීමකට ලක් වන හෙයින් මෙවැනි අපරාධ කරන වෙනත් පුද්ගලයින්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට උපරීම දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස දඬුවම් නියම කර තිබුණා.

2013 ඔක්තෝම්බර් 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය කොස්වත්ත ප්‍රදේශයේදී මියගිය නීතීඥවරයකුගේ නමක් යෙදු ව්‍යාජ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීම, කූඨ ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබෙනවා.

විත්තිකාර නීතීඥවරයාට එරෙහිව 2015 වසරේදී කොළඹ මහාධිකරණයේ අධිචෝදනා මත නීතිපතිවරයා නඩු පැවරූ අතර ඒ සම්බන්ධ නඩුව දීර්ඝ කාලයක් පුරා විභාග කළ විනිසුරුවයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා කරුණු දක්වමින් 2011 වසරේදී විත්තිකරුගේ නීතීඥභාවය වසර 10ක කාලයකට ශ්‍රේෂ්ඨාධිකරණය තාවකාලිකව අත්හිටුවා තිබියදී ඔහු මියගිය නීතීඥවරයකුගේ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් මෙම නඩුවට පාදක වු ඉඩමට වංචනික අන්දමින් ඔප්පු සකස් කර ඇතැයි පැවසෙනවා.

නීතීය දන්නා පුද්ගලයින් කරන අපරාධ හේතූවෙන් සමාජය මහත් පිරිහීමකට ලක් වන බන පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා මෙවැනි අපරාධ කරන වෙනත් පුද්ගලයින්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට උපරීම දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියා.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරු අදාළ දඬුවම් නියම කළා.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩි එපා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ...

POPULAR ARTICLES

මර්වින් සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 05 වනදා දක්වායි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට...

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...