26 C
Colombo
Wednesday, January 22, 2025

සෞඛ්‍ය ඇමතිගෙන් පුවත් මවන මාධ්‍ය ආයතනවලට පාඩමක්

- Advertisement -

චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවයි.

එම වෛරසය වැළඳුනු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකවම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

”මේ සම්බන්ධයෙන් අපි ඉතා සුපරික්ෂාකාරිව ඉන්නවා ..වසංගත රෝග ඒකකය මේ සම්බන්ධ වාර්තා සෞඛ්‍ය අංශයට සපයනවා.ඒ නිසා එවනි රෝගියෙක් වාර්තා වුනොත් දැනුවත් කිරිමට හා අදාළ පියවර ගන්නවා.මමදැක්කා ඊයේ සමහර මාධ්‍ය හා එය පදනම්කර ගනිමින් සමහර සමාජ මාධ්‍ය බියක් පතුරවමින් තිබුණා පළමු HMPV රෝගියා ලංකාවෙන් වාර්තා කර ගත්තා කියලා.ඊයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවත්වපු මාධ්‍ය සාකච්ඡාව එයට පදනම්කර ගෙන තිබුණා.එහිදි මහාචාර්ය නිලීකා මලවිගේ කියපු ප්‍රකාශයක්. ඇය නිවැරදිව සඳහන් කළා මීට කලින් එවනි රෝගියෙක් වාර්තා වෙලා තිබුණා කියලා. ජනතාව බිය ගැන්වෙන ලෙස මේ මොහොතේ රෝගියකු වාර්තා වන අන්දමට සමහර මාධ්‍ය වාර්තා කරලා තිබුණා.මම ඒ මාධ්‍ය ආයතන වලට කියන්න කැමති විව්ස් වත් ,රේටින්ස් වත්, ලාභයවත් නෙමෙයි මාධ්‍ය කියලා කියන්නේ. මේවා ජනතාවගේ ජිවිතවලට බලපාන හා රටක පැවැත්මට බලපාන සංවේදී කාරණා.මේවට විද්‍යාත්මක දත්ත මත කටයුතු කරන්න ඕන….තිබෙන ඇත්ත අපි කියනවා……”

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES