ඇස්ට්‍රාසෙනිකා එන්නත නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනිකා සිංගප්පූරු සමාගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත යොමු කර ඇති මෙම ලිපියේ සඳහන් වන්නේ එහි සඳහන් කරන සමාගම් හැරුණු විට ඇස්ට්‍රාසෙනිකා සමාගමේ කිසිදු පෞද්ගලික ඒජන්තවරයෙකු නොමැති බවයි.
ශ්‍රී ලංකාව තුල ඇස්ට්‍රාසෙනිකා එන්නත අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබාගැනීමට පෞද්ගලික සමාගම් දිගින් දිගටම ලංකා රජයට ඉල්ලීම් කරන බව තමන්ට වාර්තා වී ඇති බව එම ලිපියේ සඳහන්.
කෙසේවෙතත් එම ලිපිය හරහා ඇස්ට්‍රාසෙනිකා සිංගප්පූරු සමාගම අවධාරණය කරන්නේ පවතින තත්වය යටතේ සිය සමාගම කොරෝනා වසංගතය තුරන් කිරීමේ අරමුණ පෙරදැරිව රජයන් සමඟ සම්බන්ධව කටයුතු කරන බවත් කිසිඳු පුද්ගලික අංශයක් ඊට සම්බන්ධ කර නොගෙන ඇති බවත් ය. එමෙන්ම කිසියම් පුද්ගලික අංශයක් ඇස්ට්‍රාසෙනිකා එන්නත අලෙවි කරන්නේ නම් එය ව්‍යාජ එන්නතක් වීමට විශාල ඉඩකඩක් ඇති බවත් ඔවුන් එම ලිපියෙන් අවධාරණය කර සිටිනවා.
ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා සමාගම මෙරටට එන්නත් ලබාදීමේ කාර්ය භාරය යුනිසෙෆ් සංවිධානය, කොවැක්ස් එන්නත් වැඩසටහන සහ එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ සේරම් ඉන්ස්ටිටියුට් සමාගම හරහා පමණක් සිදුකරන බවයි මෙම ලිපිය හරහා අවධාරණය කරන්නේ.
