32 C
Colombo
Friday, March 29, 2024

උමාරියාට කැටිපෙගෙන් ලියුමක්

- Advertisement -

අති දක්ෂ ගායිකාවක් වන උමාරියා සිංහවංශ පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ ඇය හරි TV යූටියුබ් නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකින් අනතුරුවයි.

උමාරියා සම්බන්ද බවට යම්කිසි අසභ්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයවීම තුළින් ඇය දැඩි ලෙස මානසිකව ඇදවැටී සිටි ආකාරය පිළිබදවද මෙම සාකච්ඡාවේදී හැඩුම්බරව පවසනවා.

මීට සමාන අත්දැකීමකට මීට මාසයකට පෙර මුහුණ පෑමට සිදුවූ දේශපාලකයෙකු මෙන්ම ලේඛකයෙකු වන විමල් කැටිපෙආරච්චි මහතා මේ පිළිබදව සටහනක් තබා තිබෙනවා.

මේ එම සටහනයි,

හිතවත් උමාරියා,
මේ පෙබරවාරියේදී ඔබ මුහුණ දෙන පන්නයේ අත්දැකීමකට ජනවාරියේදී මුහුණ දුන් සහෝදරයෙක් හැටියටයි මා ඔබට මේ ලියුම ලියන්නේ.
අප පෞද්ගලිකව මුණ ගැසී නැතත්, මේ දිනවල මා ඔබේ රසිකයෙක්ව ඇතත්, ඒ කිසිවක් මේ ලියුමට අදාළ නෑ.
අන්තර්ජාලයේ සැරිසරන බව කියන (මා එය දුටුවේ නෑ.. බලන්න උවමනාවකුත් නෑ) එක්තරා වීඩියෝවක් ඔබේ නමට සම්බන්ධ කරමින් ගෙන යන මඩ ප්‍රචාරය ගැන ඔබ දැඩි කලකිරීමකට පත්ව ඇති බව දැනගන්නට ලැබුණා.
ජනවාරියේ එවැන්නකට මුහුණ දුන් කෙනෙක් හැටියට මට ඔබට කියන්නට දෙයක් තියෙනවා.
මා ඉලක්ක වූයේ දේශපාලන හේතුවක් මත වුවත් ආත්මයට දැනෙන අද්දැකීම සමානයි.
ඒත් උමාරියා…
මේ තමයි ඔබත් මාත් ජීවත් වෙන සමාජයේ ඇත්ත තත්ත්වය.
මේ සමාජය වෙනස් කරමු කියා කවුරුහරි ඔබෙන් ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකද්ද ?
මේ සමාජය වෙනස් කරන්න දේශපාලනය කරමුද කියා කවුරුහරි ඔබෙන් ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකද්ද ?
“අනේ අපට ඔය දේශපාලනෙන් වැඩක් නෑ” කියලා කියයි. සමහර විට නොකියයි.
ඒත් උමාරියා..
මේ විදිහට මඩ ගහන – ඒ මඩ තලු මර මර රස විඳින එක සමාජයේ අවුලක්. ඒක වෙනස් කරන එක දේශපාලන වැඩක්.
මේ වෙලාවේ ඔබ ඉන්නෙ වෙන මානසිකත්වයක නිසා මේ පතරංග ජාතක මොකටද කියල සමහර විට හිතෙයි. ඒත් ඒ මානසිකත්වය යහපත් අතට හැරිලා ඔබ ඇවිත් මෙය විවේකීව කියවයි කියල මං හිතනවා.
එතෙක් අප අතර සිටින අනෙක් අය මෙය කියවාවි. ඒකත් වැදගත් නෙ.
ඉතින් උමාරියා..
ලිංගික කුහකත්වය, ලිංගිකත්වය මැජික් වීම, දන්න කියන අයගේ ලිංගික ජීවිතේට හොරෙන් එබෙන එක අසංස්කෘතික දේවල්.
ඒවා වෙනස් කරන්න පුළු පුළුවන් හැටියට අපි අපේ දායකත්වය දෙන්න ඕන.
තමන් කිසිසේත්ම සම්බන්ධ නැති සිද්ධියකට තමන්ව ගාවලා මඩ ගහනකොට තරහ යනවා. දුක හිතෙනවා. කලකිරෙනව. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි, ඒ තරහ – දුක – කලකිරීම… සහ අපේ ආවේගය, මේ කැත සමාජය වෙනස් කරන්න ආයෝජනයක් බවට පත් කරන්න අපට පුළුවන්.
උමාරියා..
ඒ කැත උපදින්නේ එක්තරා සිතීමේ රටාවකින්. එක්තරා තින්කින් පැටර්න් එකකින්. සමහර විට අපේ අතින්ම අපි නොදැනුවත්වම, ඒ සිතීමේ රටාව පෝෂණය වෙනවා.
ගෝත්‍ර වාදී අදහස් නැති නිදහස් මිනිස්සු ලිංගිකත්වය දිහා බලන්නෙ විවෘත ඇහැකින්. තමන්ගේ ජාතිය ආගම කුලය පළාත පාසල තමයි ලොකුම එක වගේ අදහස්, ඔය සිතීමේ රටාවේ කොටස්.
සමහර විට හොඳට පිච් කරල – වේරියේෂන් ගාණට තියල – බොක්කෙන් ෆීල් කරල ගායනා කරන ලස්සන මෙලඩියකට මුවා වෙලා, ඒ සිතීමේ රටාව වචන හැටියට තියෙන්න පුළුවන්.
අන්න ඒක හොයාගන්න එක තමයි උමාරියා, මේ කාලේ අපි හැමෝම ඉස්සරහ තියෙන වැඩේ.
ඉතින්, මේ අමාරු මොහොතේ අප ඔබ එක්ක ඉන්නවා. ඔබේ දේශපාලනය මොකක් වුණත් අප ඔබ එක්ක ඉන්නවා.
මොකද, රනිල් වික්‍රමසිංහට පො**යා කිව්වත්, විමල් වීරවංශගේ බිරිඳට තිරිසන් ලෙස මඩ ගැහුවත්, අනුර දිසානායකට පුංචි අම්මා කියා කැත නින්දිත විහිළු කරත්.. අපි ඒ ජරා වැඩ සියල්ලට විරුද්ධයි. ඒත් සමහරුන්ට තමන්ගෙ නායකයට මඩ ගහනකොට විතරයි රිදෙන්නෙ. ඒක වෙනම කතාවක්.
ඉතින් උමාරියා,
හිතට ධෛර්යය ගන්න. හෙට දවසේ ඔය සියල්ල සුළඟේ යාවි. ඔබේ යහපත්කම පමණක් ඉතිරි වේවි.
මේ කරදර ඉවර වෙලා පුළුවන් නම් සමාජ වැඩ ගැන අලුතෙන් හිතන්න. ඒ වෙනුවෙන් එකට වැඩ කරන දවසක් එනව නං අප ඉතා කැමතියි.
යතුරු සිදුරේ සංස්කෘතිය වෙනස් කරන මිතුරු වේදිකාවක ඔබ අප හමුවේවා.!
මීට,
කැටිපෙ

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...