27.8 C
Colombo
Wednesday, June 25, 2025

නීතිඥ සංගමයෙන් අනුරට ලියුමක්

- Advertisement -

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් එම සංගමයට ඇති ගැටළු සහගත තත්ත්වයන් ගෙනහැර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ජනවාරි 08 වැනිදා යොමු කර ඇති එම ලිපියෙහි දැක්වෙන්නේ, එවැනි පත්වීම්වලදී විනිවිදභාවය, කුසලතාවය, නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිපැදීමේ වැදගත්කමයි.

පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සහ නීතියේ ආධිපත්‍යය සහතික කිරීමේදී අධිකරණයේ වැදගත් කාර්යභාරය ද ඔවුන් එහිදී සඳහන් කර තිබෙනවා.

අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය ජ්‍යෙෂ්ඨත්වය, සුදුසුකම් සහ කුසලතාව මත පදනම් විය යුතු බවත් එහි සඳහන්.

එම සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් පවතින බව ද පෙන්වා දුන් අතර, මෙම තනතුරු පිරවීම අධිකරණයට සහ පුළුල් නීති පද්ධතියට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව අවධාරණය කර තිබෙනවා.

පත්වීම් අඛණ්ඩතාව, ස්වාධීනත්වය සහ නිපුණතාවය පිළිබිඹු කරන බව සහතික කරන නිර්ණායක අනුගමනය කරන ලෙසයි එම සංගමය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

එම ලිපිය පහතින්,

RECENT ARTICLES - SINHALA

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

හොරකමකට අදාල වාර්තාවක් අතුරුදහන් වෙලා

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව සහ පොලිස් වාර්තාව...

POPULAR ARTICLES

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

අලාභ වූ දේපොළවලට ජපුර සිසුන්ගෙන් වැඩිපුර සල්ලි අරන්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ  සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම...