26.1 C
Colombo
Sunday, May 18, 2025

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

- Advertisement -

දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

මෙරට 9වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ බව පැවසුවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

“නව ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ධූරයේ කාර්යයන් සහ කර්තව්‍යයන් නොපිරිහෙළා ඉටු කිරීම පිණිස ශක්තිය ධෛර්යය ලැබේවායි ද ප්‍රර්ථනා කරමු.”

“නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය බාධා රහිතව පවත්වාගෙන යනු ඇතැයි නව ජනාධිපති කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය එතුමන් විසින් රැක ගනු ඇතැයි ද, අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය සහ මෙතෙක් අප මාතෘ භූමිය පුරා පැතිරී තිබූ දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් සිදුවී ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි ද අප අපේක්ෂා කරමු.”

“එමෙන්ම, විටින්විට අප නිජබිමට බෙහෙවින් අහිතකර ලෙස බලපෑ ජාතීන් අතර වෙනස්කම් මින් ඉදිරියට ඇති නොවන පරිදි ශ්‍රී ලාංකීය ප්‍රජාව එක්සේසත් කිරීමේ මහඟු කාර්යය සඳහාත්, ජාති, ආගම්, කුලභේදවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහාත් ශක්තිමත් පදනමක් තැබීමට ජනාධිපතිතුමන් හට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරමු.”

RECENT ARTICLES - SINHALA

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙලා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ මහතා එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන්...

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

POPULAR ARTICLES