32 C
Colombo
Friday, March 29, 2024

ගුරු උද්ඝෝෂණයට සහභාගීවූ ගුරුවරුන්ගේ නම් ඉල්ලා හොරණ පොලීසියෙන් ප්‍රාදේශීය ලේකම්ට ලිපියක්

- Advertisement -

ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එක්ව සිදුකරන ලද උද්ඝෝෂණ හා විරෝධතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදුකරන බව හොරණ පොලීසිය පවසනවා.

ඒ අනුව පසුගිය ජුනි මස 25 වනදා සහ අගෝස්තු මස 05 වනදා පැවැත්වූ ගුරු උද්ඝෝෂණයට සහභාගීවූ ගුරුවරුන්ගේ විස්තර හොරණ පොලීසිය විසින් එක්රැස් කරන බවට ලිපියක් නිකුත් කර තිබෙනවා.

හොරණ, ඉංගිරිය, මදුරාවල, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිපියක් යොමුකරමින් හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉල්ලා ඇත්තේ අදාළ දිනයන්හී ගුරු – විදුහල්පති උද්ඝෝෂණයට සහභාගීවූ ගුරුවරුන් පදිංචිව සිටින පොලිස් වසම, සංවිධානය කරන ලද පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන්, සහභාගීවී ඇති පුද්ගලයින් සංඛ්‍යාව, එම දිනයන්හී කොවිඩ් 19 ආසාදිතව මියගොස් ඇති හා ආසාදිත බවට හදුනාගත් විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ නම් යනාදිය කඩිනමින් ලබාදෙන ලෙසයි.

මෙම විමර්ශනය කඩිනම් විමර්ශන අවශ්‍යතාවයක් බැවින් මේ සම්බන්ධයෙන් දක්වන සහයෝගය අගය කරන බවද හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සදහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...