32 C
Colombo
Tuesday, February 18, 2025

පුනරුදයේ පාගමනට පාසැල් සිසුන් එවන්නැයි ලිපියක්

- Advertisement -

ජාතික නිදහස් දිනයට සමගාමීව ‘පුනරුදයේ පාගමන’ නමින් සංවිධානය කර ඇති වැඩසටහනක් සඳහා පාසල් සිසුන් සහභාගි කරවන ලෙස ඉල්ලමින් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියෙහි සඳහන් වන්නේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ උපදෙස් හා මඟපෙන්වීම මත පුනරුදයේ පාගමන 2025 පෙබරවාරි මස 04 වන දින පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව, මෙම වැඩසටහන සඳහා කැමැත්තක් දක්වන පාසල් සිසුන් සහභාගී කරවීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් සම්බන්ධ වන සිසුන්ගේ නාමලේඛන 2025 ජනවාරි 30 දිනට පෙර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කරන ලෙසත් එමඟින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ උතුරු මැද පළාත් සභාව මගින් රාජ්‍ය ආයතනවල සහ සිවිල් සංවිධානවල සහභාගිත්වයෙන් ඇවිදීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය උදෙසා මෙම ‘පුනරුදයේ පාගමන’ වැඩසටහන සංවිධානය කර තිබීමයි.

මෙම පාගමන සඳහා සහභාගී වන සෑම අයෙකුම ඇගයීමට ඊට සහභාගී වූ බවට සහතිකයක් ලබා දෙන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

මෙවර පැවැත්වෙන 77වන නිදහස් උළෙල සඳහා රජයේ තේමාව වන්නේ, ‘ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’ යන්නයි.

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES