සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දෙන්නැයි ඉල්ලා තිබෙනවා.
අනුගමනය කළ හැකි නීත්‍යානූකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදා ගනිමින් රන්ජන් රාමනායක ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට සලකා බලන ලෙසයි එම ලිපිය හරහා ඔහු ඉල්ලා ඇත්තේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරඳඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

