24 C
Colombo
Thursday, February 13, 2025

ලැව් ගින්නෙන් ඇමෙරිකාවට ඩොලර් බිලියන 150ක පඩුවක්

- Advertisement -

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුවඅද අද (12) වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ළැව් ගිනි හේතුවෙන් පසුගිය 10 වැනිදා වනවිට ඇමෙරිකානු ආර්ථිකය සිදුවූ ඇති පාඩුව ඩොලර් බිලියන 52ත් 57ත් අතර වන බවට ඇස්තමේන්තු කර තිබූ නමුත් එය දිනක් තුළ බිලියන 135ත් 150ත් අතර දක්වා ඉහළ යෑමෙන් ළැව් ගිනි ඇමෙරිකාවට කර ඇති විනාශයේ බරපතළකම පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මේ වනවිට ළැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති බවත්, පැලිසේඩ්ස් සහ ඊට්න් ළැව් ගිනි එම මරණවලට හේතුවී ඇති බවත් තවත් 13 දෙනකු අතුරුදන් වී ඇති බවත් ඇමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කරනවා.

පසුගිය 9 වැනිදා හටගත් කෙනත් ළැව් ගින්නෙන් 90% ක් මැඩ පැවැත්වීමට ගිනි නිවනභටයින් අද(12) වනවිට හැකියාව ලැබී තිබූ අතර හර්ස්ට් ළැව් ගින්නෙන් 76% ක් මැඩ පැවැත්වීමට ගිනි නිවන භටයින්ට හැකියාව ලැබුණා.

නමුත් අද වනවිටත් ගිනිනිවන භටයින්ට පැලිසේඩ්ස් ළැව් ගින්නෙන් මැඩ පැවැත්වීමට හැකියාව ලැබී ඇත්තේ 11% පමණක් වන අතර ඊට්න් ළැව් ගින්නෙන් මැඩ පැවැත්වීමට හැකියාව ලැබී ඇත්තේ 15% ක් පමණයි.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

POPULAR ARTICLES