27.8 C
Colombo
Thursday, July 17, 2025

නැව් අලුත්වැඩියා කරන තටාකයකට වැටී පුද්ගලයෙක් මරුට

- Advertisement -

කොළඹ වරාය පරිශ්‍රයේ නැව් අලුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, කොළඹ වරායේ ඩොක්යාඩ් ආයතනයේ උප කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ වයස අවුරුදු 37ක් වූ පරගහවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය සඳහන් කළේ, කිමිඳුම්කරුවන් විසින් ඔහුව ගොඩට ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

ඊයේ (31) උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව තිබුණා.

මියගිය පුද්ගලයා උදෑසන ආහාරයෙන් පසු අත් සේදීමට නැව් අලුත්වැඩියාව සඳහා සකස් කර ඇති තටාකය ආසන්නයේ ජල කරාමයක් වෙත ගොස් නැවත පැමිණීමේදී තටාකයට ඇද වැටී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනවාරණය වී තිබෙනවා.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17)...

ගැරී ආනන්දසංගරී LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...

POPULAR ARTICLES

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17)...

ගැරී ආනන්දසංගරී LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

ලෝකයේම අවධානය දිනූ Tomorrowland ගිනි අරන්

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සංගීත ප්‍රශංගයට දින දෙකකට...