අලෙවි කිරීමට සුදානම් කර තිබූ තහනම් ධීවර 101ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවටගෙන ඇති සැකකරු 51 හැවිරිදි කන්තලේ, ධීවරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව කන්තලේ ප්‍රදේශයේ ඊයේ (01) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
තහනම් ධීවර දැල් තොගය සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්තලේ පොලීසිය වෙත භාරදී තිබෙනවා.