31 C
Colombo
Friday, April 19, 2024

කොවිඩ් යළි හිස ඔසවද්දී සරත් වීරසේකරගෙන් දින 10 ක දැවන්ත සැණකෙළියක්

- Advertisement -

වසර 3 ක් තම ජීවිකාව අහිමි ප්‍රසංග වේදිකා කලාකරුවන්ගේ හෙට දවස වෙනුවෙන් යැයි සදහන් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සංකල්පයකට අනුව ‘රූ නද මේලා 2021’ නමින් දැවැන්ත අධ්‍යාපන වෙළෙඳ ප්‍රදර්ශනයක් හා සැණකෙලියක් සංවිධානය කර තිබෙනවා.

සරත් වීරසේකර මහතාගේ පුත් වෛද්‍ය සචිත්‍ර අධීෂ වීරසේකර මහතා විසින් මෙහි සියලු අධීක්ෂණ කටයුතු සිදුකරන අතර සරත් වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලක්ෂ්මන් කුමාර මහතා මෙහි සංවිධාන කටයුතු සිදුකරනු ලබනවා.

අති නවීන විචිත්‍රාංග සමගින් දින 10 ක් පුරා පැවැත්වෙන මෙම සැණකෙලිය ශ්‍රී ජයවර්ධනපුර කමත පරිශ්‍රයේ පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතිනවා.

ඒ අනුව එළඹෙන දෙසැම්බර් 24 වනදා සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම වාදනය කිරීමෙන් ආරම්භ වන රූ නද මේලා සැණකෙලිය 25 සීදූව බ්‍රේව්, 26 බැක්ටු බැක්, 27 හොරයිසන්, 28 ලීරා, 29 සන්ෆ්ලවර්, 30 කුරුණෑගල ආශා, 31 ඔක්සිජන්, 01 පර්පල් රේන්ජ්, 02 සිග්සැග් යන සංගීත කණ්ඩායම් වාදනය කිරීමට නියමිතයි.

මෙහිදී රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෙළෙඳකුටි, අත්කම් නිර්මාණ, විනෝද ක්‍රීඩා, දෙස් විදෙස් ආහාර පාන, ප්‍රජා සත්කාර, ජාත්‍යාන්තර මට්ටමේ විනෝද ක්‍රීඩා, පොත් ප්‍රදර්ශන, ඇස් කණ්ණාඩි බෙදාදීම්, මැරගෝ රවුන්ඩ්, රෝලර් කෝස්ටර්, මැජික් ප්‍රදර්ශන ඇතුළු විවිධ අංග රාශ්‍රියක් අත්විදීමට එහි පැමිණෙන ජනතාවට හැකියාව ලැබෙන බවට සංවිධායකයින් නිවේදනය කරනවා.

කෙසේ වෙතත් රජය මේ වන විටත් නිවේදනය කරන්නේ එළඹෙන උත්සව සමයේ යළිත් කොවිඩ් වෛරසය පැතිරීමේ විශාල අවධානමක් පවතින බවයි.

මෙරටින් ඔමික්‍රෝන් ආසාදිතයන්ද මේවන විට වාර්තා වෙමින් පවතින අතර දෛනික ආසාදිතයින් වාර්තාවීම යළිත් වරක් හිස ඔසවා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

ලංකාවෙන් යුක්රේන් යුද්දෙට කුලී හේවායන් යැවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...