26.1 C
Colombo
Sunday, May 18, 2025

මහා රබර් වගා සැළැස්මක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ දැනට වාර්ෂික ස්වාභාවික රබර් නිෂ්පාදනය සියයට 60කින් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඉදිරි වර්ෂ කිහිපය තුළ රබර් වගා මහ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ වියළි කළාපයට අයත් මොණරාගල, අම්පාර හා බදුල්ල වැනි ප්‍රදේශවල අක්කර 100,000ක රබර් වගා කිරීමේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි.

තාක්ෂණික පිරිවිතර රබර් කර්මාන්තයේ නිෂ්පාදන කටයුතු කරන කර්මාන්තකරුවන් සමඟ පසුගිය (31) පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රකාශ කළ බව සඳහන්.

මෙම සාකච්ඡාවේ දී අදහස් පළ කළ අමාත්‍යවරයා මොණරාගල ඇතුළු දිස්ත්‍රික්ක තුනක අක්කර 100,000ක රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා මහ සැලසුමක් සකසා ඇති බවත්, එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙසත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි රබර් ප්‍රභේද නිෂ්පාදනයට නව ක්ලෝන හඳුනාගැනීම සඳහා සිදු කරන පර්යේෂණ කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා රබර් පර්යේෂණායතනයට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

දැනට TSR රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්තශාලාවලට ප්‍රමාණවත් තරම් ඔට්ටපාලු නොමැති නිසා ඒ වෙනුවට මුදවන ලද රබර් කිරි තාවකාලිකව ආනයනය සඳහා අවසර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවද මෙහිදී ප්‍රකාශ කළ බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙලා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ මහතා එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන්...

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

POPULAR ARTICLES