ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඊයේ (07) රාත්‍රියේ පැවැති මෙම හමුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන්.
මෙම සාකච්ඡාවේ දී පළාත් පාලන මැතිවරණය, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පක්ෂයක් වශයෙන් සහාය විය හැකි ආකාර සහ පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.