31 C
Colombo
Wednesday, March 19, 2025

අනුර හා ෆ්ලෑෂ්බෑක් අතර හමුවක්

- Advertisement -

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුඵවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණි ජනාධිපතිවරයා හට එහිදී දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම සහ ජය ශ්‍රී මුණ ගැසී තිබෙනවා.

ෆ්ලෑෂ්බෑක් කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු හා සුහද කතාබහක නිරත ජනාධිපතිවරයා හට සංගීත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ද සුබ පතා තිබෙනවා.

විදෙස් ප්‍රසංගයක් සඳහා ෆ්ලෑෂ්බෑක් කණ්ඩායම අද පෙරවරුවේ එංගලන්තය බලා පිටත්ව යෑමේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් 2020 ජනාධිපතිවරණයට පෙර ෆ්ලෑෂ්බෑක් කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පලකරමින් සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කළේ “රට ගැන හිතන අයට රට යයි, බඩ ගැන හිතන අයට බඩ යයි” ලෙසයි.

පසුව එම ප්‍රකාශයට සමාජ මාධ්‍ය තුළ දැඩිව විවේචන එල්ල වුණා.

RECENT ARTICLES - SINHALA

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

POPULAR ARTICLES

දේශබන්දුගේ රිට් පෙත්සමේ නියෝගය අද

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමේ නියෝගය අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද...

දේශබන්දුගේ නිවසේ විස්කි බෝතල් ගබඩාවක්

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය - හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා. අපරාධ පරීක්ෂණ...

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...