32 C
Colombo
Friday, January 17, 2025

ඉන්දීය ජනපතිනි සහ අනුර අතර හමුවක්

- Advertisement -

ඉන්දියාවේ තුන්දින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති දෞපදි මූර්මු මහත්මිය අතර ඊයේ (16) රාත්‍රීයේ රාෂ්ට්‍රපති භවන් හීදී හමුවක් සිදුවී තිබෙනවා.

දෙරටම නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් මෙම හමුව සඳහා එක්ව සිටියා.

ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය ජනාධිපති දෞපදි මුර්මූ මහත්මිය කියා සිටියේ,

”ශ්‍රී ලංකාව, ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තියේ සහ සාගර් (SAGAR) දැක්මේ වැදගත් කොටසක්. සමීප සහ විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස, තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන ප්‍රයත්නයන්ට ඉන්දියාව අඛණ්ඩව සහයෝගය ලබා දෙනවා. ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා දෙරටේ කැපවීම අද සම්මත කරගත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් පිළිබිඹු වනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිවීමට සහ ස්ථාවරත්වයට ඉන්දියාවේ ආයෝජන ප්‍රමුඛ මෙහෙයුම් ඉවහල් වනු ඇතැයි මම විශ්වාස කරනවා. දෙරටේ ජනතාවගේ සාමය සහ සමෘද්ධිය උදෙසා ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා මේ සංචාරය නව ප්‍රවේශයක්. ඒ වගේම සමුද්‍රීය ආරක්ෂක අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීම අඛණ්ඩව සිදුවන බවට මම සහතික වනවා”

සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය ජනාධිපතිනියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එක්වුණා.

මේ අතර, ජනාධිපතිවරයා අද (17) උදෑසන බුද්ධගයාව වැදපුදා ගැනීමට නියමිතයි.

අනතුරුව ඉන්දීය සංචාරය අවසන් කරමින් ජනාධිපතිවරයා අද පස්වරුවේ දිවයිනට පැමිණෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා...

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

POPULAR ARTICLES