32 C
Colombo
Friday, March 29, 2024

නව ආණ්ඩුවගැන සාකච්ඡා කිරීමට රනිල් – සිරිසේන හමුවක්

- Advertisement -

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට සුදානම් බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (28) උදෑසන එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ අද දිනයේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

එහිදී වැඩි විදුරටත් අදහස් දැක්වු මෛත්‍රීපාල සිරිසේන,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විදහට අපි ඊයේ හදිසි නීතියට ඡන්දය දුන්නේ නැහැ. ඡන්දය දුන්නේ නැත්තේ අපි ආණ්ඩුවට, එහෙම නැත්නම් ජනාධිපති අපේක්ෂකවරුන්ට යෝජනාකරලා අපි සමග එකඟතාවයකට පැමිණි ආකාරයට ආණ්ඩුව ගමන්කරන ආකාරයක් අපිට පෙනෙන්නේ නැහැ. තෙල් පොලීම් එන්න එන්න දිගුවෙලා තිබෙනවා මිසක් ඒවා කොට වෙලා නැහැ. ආහාර අර්බුදය, ඖෂධ අර්බුදය ජනතාවට තියෙන ආර්ථික පීඩනය මේ සියල්ල එකක් අපිට තවම පෙන්නට නැහැ වර්තමාන ආණ්ඩුව මොන පැත්තට යන්නේ කියන කාරණාව.

අපි බලාපොරොත්තු වුණ සාර්ව පාක්ෂික ආණ්ඩුවක සැලැස්ම හෝ එහි ඡායාවක්වත් අපිට පේනෙන්නේ නැහැ. වර්තමාන ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව අපිට පෙනී ගියා මීට කලින් තිබුණ කැබිනට් මණ්ඩලයම නැවත සක්‍රීය කරලා, ඒ අමාත්‍ය මණ්ඩලයම ඉන්නවා. මේ තත්ත්වයන් එක්ක අපි සකස් කරගත්ත කරුණු අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක යෝජනා සම්බන්ධයෙන් අද නැවත කතා කරන්න. එතුමා අද හමුවීමට වේලාවක් දීලා තියෙනවා දවල් 12ට මුදල් අමාත්‍යාංශයේ.”


RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...