27 C
Colombo
Monday, September 9, 2024

මැතිවරණ කොමිසම හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර හමුවක්

- Advertisement -

මැතිවරණ කොමිෂන් සභාව සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි හිමිකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග අද (04) පෙරවරුවේ මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කෙරෙන පසුබිම සකසා ගැනීමට ඔවුන්ට හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන ලෙසයි.

මේ සඳහා සමාජ මාධ්‍යවලට මේ වන විට වැඩි වගකීමක් හිමිව තිබෙන බවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන දුස්තොරතුරු අවමකරගනිමින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සහය දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ්‍ය ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළා.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිදුකරන අනීතික රැස්වීම්, උත්සව, සාද වටලා ඒවා තහනම් කළද ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයිද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා සඳහන් කළේ ඒ සඳහා කිසිදු නෛතික හැකියාවක් මැතිවරණ කොමිසමට නොමැති බවයි.

මැතිවරණ පනත අනුව මෙවැනි වරදවල් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පොලීසිය වෙත පැවරී ඇති බවත්, මැතිවරණ කොමිෂන් සභාවට කළ හැක්කේ අදාළ පුද්ගලයින් හා සිදුවීම් පිළිබදව පොලීසියට වාර්තා කිරීම පමණක් බවද සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එමෙන්ම ප්‍රධාන නාලිකා තුනක් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බවත් ඔවුන් කොමිසමට කැඳවා මේ පිළිබදව කරුණු විමසන බවත් අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අමතමින් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය...

ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09)මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. එම කොමිසම පැවසුවේ, අද පෙරවරු 10.00 ට...

තාවකාලික හැඳුනුම්පතක්

මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...