මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇති බවයි.
මේ අතර මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම සඳහා අද (25) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබෙනවා.