24 C
Colombo
Sunday, January 19, 2025

ඡන්දෙට එනවනම් සහතික අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයක්?

- Advertisement -

මැතිවරණවලට තරඟ කිරීමට පෙර අපේක්ෂකයන් අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළයුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ  වෙනත් බහුජන සංවිධාන රැසක්  මැතිවරණ කොමිෂන් සභා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සමහර මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවීම සැලකිල්ලට ගෙන එවැනි තත්ත්වයක් ඉදිරියට ඇතිවීම වැළැක්වීමේ අරමුණ ඇතිව බවයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.

අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් අපේක්ෂකයන් තෝරා ගැනීමට ඡන්දදායකයන්ට පිටුවහලක් වන බව ඔහු එහිදී සඳහන් කළා.

එම ක්‍රමවේදය මැතිවරණ කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඒ ඒ දේශපාලන පක්ෂවලට අන්තර්ජාලය හරහා එය ක්‍රියාවට නැංවීමට හැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙනවා.

පසුගිය මහ මැතිවරණයේදී සියලු අපේක්ෂකයන්ගේ මූලික දත්ත රැස් කිරීමට උත්සාහ දැරුවත් තොරතුරු ලබා දුන්නේ අපේක්ෂකයන්ගෙන් දහසකට අඩු ප්‍රමාණයක් බව රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

කෙසේනමුත් හිටපු කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන්ද  තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන්ද පසුගිය දිනවල ආන්දෝලනාත්මක කතාබහක් ඇති වුණා.

RECENT ARTICLES - SINHALA

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

POPULAR ARTICLES