32 C
Colombo
Saturday, April 20, 2024

වරාය නගරයේ සිට මීගමුව දක්වා මෙට්‍රෝ දුම්රිය මාර්ගයක්

- Advertisement -

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා දුම්රිය ස්ථාන 25ක් සංවර්ධන කෙරෙමින් ඉදිකිරීමට යෝජිත කුළුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආයෝජකයන්ගෙන් අදහස් විමසා තිබෙනවා.

ඒ අනුව කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර් 41ක දුරක් කුළුණු මත ඉදිවෙන මාර්ගයක් ඔස්සේ මෙම මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය කිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ශ්‍රී ලංකා රජයේ කිසිඳු මුදල වැය කිරීමකින් තොරව අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අදාළ පෞද්ගලික සමාගම් ආයෝජනය කිරීමට එකඟතාව පළකර තිබෙනවා.

මීට සමගාමීව තෝරාගත් දුම්රිය ස්ථාන 5ක දුම්රිය ස්ථාන ආශ්‍රිත නගර ලෙස නවීකරණය කිරීමට ද ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය වැදගත්කම පිළිබඳ සලකා බලමින් රජයේ කඩිනම් අවධානය යොමු කිරීමට ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

සහන සේවාවලට ලබාදුන් ට්‍රැක්ටර් බවුසර් 5ක් අතුරුදන්

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි 33ක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හතරකින් අස්ථානගත වී ඇති බව වාර්තා වනවා....

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා...

උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

අද (20) දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ දිස්ත්‍රික්ක 4ක් හැරුණු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...