දියතලාව යුධ හමුදා කදවුරේ සිට මහනුවර පල්ලෙකැලේ යුධ හමුදා කදවුර දක්වා ගමන් කරමන් තිබූ ලොරි රථයක් අද (10) පෙරවරු 10.30 ට පමණ බදුල්ල මහියංගණය මාර්ගයේ තිබිරිගස්පිටිය ප්රදේශයේ දී, මහියංගණයේ සිට බදුල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්රීරෝද රථයක හා යතුරුපැදියක ගැටීමෙන් ත්රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදිකරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය පවසනවා.
පල්ලම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ තිරිංග ක්රියා විරහිතවීමෙන් අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.