26.1 C
Colombo
Monday, June 16, 2025

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

- Advertisement -

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා.

එහිදී මාධ්‍යවේදීන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගෙන් කරුණු විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දිගින් දිගටම ‘ ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා’ලෙස සඳහන් කරමින් පිළිතුරු දීම මාධ්‍යවේදීන්ද පුදුම කරන කරුණක් වූවා.

මේවන විට කිසිදු තනතුරක් නොදරන අත්අඩංගුවටද ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් හට අමාත්‍යවරයෙක් යැයි ආමන්ත්‍රණය කරමින් ගෞරවයෙන් නිහාල් තල්දූව මහතා ආමන්ත්‍රණය කිරීම මේ වන විට සමාජ මාධ්‍යවලද වැඩි කතාබහට ලක්ව තිබෙනවා.

කුප්‍රකට මැර අතීතයකින් හෙබි ලොහාන් රත්වත්තේ හට මේ තරම් ගෞරවයක් ලබා දුන්නද පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔහු සඳහන් කළේ තමන් ජීවත්ව සිටින තාක් කල් අනුර කුමාර දිසානායක මහතා හට ජනාධිපති ධූරයට පත්වීමට ඉඩ නොතබන බවයි.

ආයුධ භාවිතා කිරීම මෙන්ම අමාත්‍ය ධූරයද අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල වුණා.

මීට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ වැදගත්කම වනුයේ එය පැවැත්වෙන බවට මාධ්‍ය නිවේදනයක්ද ප්‍රකාශයට පත්කර තිබීමයි.

RECENT ARTICLES - SINHALA

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...

POPULAR ARTICLES

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීම ගැන දැනුම්දිමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...