ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (25) කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු 20යි 20 තරගය ආරම්භ කිරීමට පෙර අභාවප්‍රාප්ත කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ ගුණ සිහිපත් කරමින් විනාඩියක නිෂ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවා.
ඒ, ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ටෙස්ට් වරම් දිනා දීම සඳහා විශිෂ්ට සේවයක් ඉටු කරමින් ඊට නායකත්වය ලබාදීමට කෘතගුණ දක්වමින්.
කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා ඊයේ (25) පෙරවරුවේදී අභාවප්‍රාප්ත විය.
කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වනවිට සභාපතිතුමාගේ වයස අවුරුදු 78කි.


