32 C
Colombo
Tuesday, February 18, 2025

කොළඹ ජාතික රෝහලට නවීන CT ස්කෑන් යන්ත්‍රයක්

- Advertisement -

අති නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan) යන්ත්‍රයක් කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කර තිබෙනවා.

මෙම යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීම ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

රුපියල් මිලියන 220 ක වටිනාකමකින් යුත් මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රය සඳහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය හරහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දී තිබෙනවා.

මෙම 128-Slice CT Scan යන්ත්‍රය මගින් වේගවත්, ආරක්ෂිත වඩාත් නිවැරදි රෝග විනිශ්චය ලබාදෙන අතර, මෙමගින් පටක අතර වෙනස හඳුනා ගැනීමට සහ රෝගය තීරණය පහසු කිරීමට අවශ්‍ය රෝග විනිශ්චය දත්ත සපයා ගත හැකි වෙනවා.

රෝගියාගේ අපහසුතාවයන් සහ විකිරණ නිරාවරණය අවම කරන අතරම ඉහළ මට්ටමේ රෝග විනිශ්චය නිරවද්‍යතාවයක් සහ කාර්යක්ෂමතාවයක් ද මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රය මගින් ලබා දෙන බව පැවසෙනවා.

රිය අනතුරු, පහරදීම්, වැටීම් නිසා මොලයට හා සුසුම්නාවට හානි සිදු වු රෝගීන්ට, මොළයේ ගැටිති, මොළයේ පිළිකා, මොළයේ සිදුවන ලේ ගැලීම් සඳහා ශල්‍ය කර්ම සිදු කල යුතු රෝගීන්ට, රුධිර පීඩනය වැඩි රෝගීන්ගේ සිදුවන මොලයේ අභ්‍යන්තර ලේ ගැලීම් නැවැත්වීමේ ශල්‍යකර්ම සිදු කල යුතු රෝගීන්ට මෙන්ම මොලය හා සුසුම්නාව සම්බන්ධ ශල්‍යකර්ම වලට යොමු කල යුතු රෝගීන්ගේ ශල්‍යකර්මයට පෙර හා පසු රෝග තත්ත්වය විනිශ්චය කිරීමට අවශ්‍ය වා‍ර්තා ලබා ගැනීමට මෙම සීටී ස්කෑන් යන්ත්‍රය භාවිතා කරනු ලබනවා.

ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය ශල්‍යාගාර 10 කින්, දැඩි සත්කාර ඒකක 10 කින්, අධි නිරීක්ෂණ ඒකක 02 කින් සමන්විත වන අතර, දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ධාරිතාව 200 කට අධික වන අතර, අති නවීන වෛද්‍ය උපකරණ වලින් මෙන්ම විශේෂ පුහුණුව ලත් වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල වලින් මෙම අංශය සමන්විත වෙනවා.

මෙරට රජයේ රෝහලක ස්ථාපිත විශාලතම හා ප්‍රධානතම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය මෙය වන අතර (Helipad) හෙලිකොප්ටර් ගොඩබැමේ පහසුකම්වලින් ද මෙම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය සමන්විතයි.

RECENT ARTICLES - SINHALA

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

POPULAR ARTICLES