25 C
Colombo
Wednesday, February 19, 2025

රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන ජාවාරමක්

- Advertisement -

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබාදෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලියක් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස දිවුලපිටිය පොලිසිය හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම කල්ලියේ සාමාජිකයින් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධීන් ගණනාවක් ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ කාරණා සඳහන් කරමින් මුදල් ලබා ගැනීමට උත්සාහ ගත් අවස්ථා රැසක් පිළිබඳව වාර්තා වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම පිරිස දුරකථන ඇමතුම් ලබාදෙන අවස්ථාවේ දී මුදල් ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් අංක පවා ලබාදී ඇති අවස්ථා අනාවරණය වී ඇති බවයි.

මේ අතර, දෙපාර්ශවයක් අතර ඇති වූ සුළු ගැටුමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසට පා පැදියකින් පැමිණ දැනුම් දුන් බව කියන සිද්ධියක් පිළිබඳව ද පොලිසියට වාර්තා වී තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ, එසේ පැමිණිලි විභාග කිරීම සඳහා කැඳවීමේ අවශ්‍යතාවයක් නැති අතර කිසිදු නිලධාරියකු පාපැදිවලින් තම රාජකාරී සඳහා පිටත්ව ගොස් නැති බවයි.

විශ්‍රාම වැටුප් හිඟ මුදල් ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා බව පවසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් එම රාජකාරී ඉක්මනින් කරදීම සඳහා බව පවසා ජනතාව ගෙන් මුදල් ලබා ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව වාර්තා වී ඇතැයි ද මේ ආකාරයෙන් දුරකථන පණිවිඩ මගින් හෝ නිවෙස් වලට පැමිණ මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා පුද්ගලයින් ගේ ක්‍රියාවලියට අසු නොවන ලෙසත් ඔවුන් නීතිය රැහැනට අල්ලා ගැනීමට අවශ්‍ය සහාය පොලිසියට ලබා දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද පොලිසිය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

Breaking: උසාවිය තුළ වෙඩි කෑ ගණේමුල්ල සංජීව මරුට

මීට කෙටි වේලාවකට පෙර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව...

Breaking: අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ...

POPULAR ARTICLES

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

2025 අයවැය යෝජනාවලට ලංකා වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

2025 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා ලංකා වාණිජ මණ්ඩලයෙහි නිර්දේශ, ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සිදු කළ සාකච්ඡා සහ '2030 Vision' ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ...

Breaking: උසාවිය තුළ වෙඩි කෑ ගණේමුල්ල සංජීව මරුට

මීට කෙටි වේලාවකට පෙර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව...