25 C
Colombo
Wednesday, February 19, 2025

අමෙරිකාවේ රැකියා සිහින පෙන්වා මුදල් ගැරෑ කතක් අත්අඩංගුවට

- Advertisement -

අමෙරිකා එක්සත් ජනපදයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව, බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් තම නැගණිය මාර්ගයෙන් අමෙරිකාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් පසුගියදා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

සැකකාරියට එරෙහිව පැමිණිලි 5ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් මෙම කාන්තාවගේ නිවසට ගොස් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.

එම පැමිණිලිවලට අනුව, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අදාළ කාන්තාවට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණයට කරුණු වාර්තාකර නඩු පවරා තිබෙනවා.

කාර්යාංශ නිලධාරීන් පැවසූයේ, ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය දිවයිනේ ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක කළමනාකාරිනිය ලෙස සේවය කරන බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය මෙම මස 07 වන දින වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර සැකකාරිය බන්ධනාගාරය මඟින් ජූලි මස 12 වන දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

Breaking: උසාවිය තුළ වෙඩි කෑ ගණේමුල්ල සංජීව මරුට

මීට කෙටි වේලාවකට පෙර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව...

Breaking: අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ...

POPULAR ARTICLES

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

2025 අයවැය යෝජනාවලට ලංකා වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

2025 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා ලංකා වාණිජ මණ්ඩලයෙහි නිර්දේශ, ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සිදු කළ සාකච්ඡා සහ '2030 Vision' ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ...