33 C
Colombo
Thursday, March 28, 2024

මවක් දරු දෙදෙනා සමග වැවකට පනියි. පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට

- Advertisement -

මවක්, සිය දියණිය සහ පුතු සමග ඇඹිලිපිටිය – චන්ද්‍රිකා වැවට පැන ඇති අතර, එහිදී පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ ඇඹිලිපිටිය පොලීසියේ ජිවිතාරක්ෂක කණ්ඩායම් විසින් මව සහ පුතා බේරාගෙන ඇති අතර පසුව ඔවුන් රෝහල් ගත කර ඇති බවයි.

මව ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සමාජසේවා පුර, පරණ ඇඹිලිපිටිය පාර, සූරියවැව ලිපිනයේ පදිංචි සුරංගිකා මධුමාලි නමැති 32 හැවිරිදි කාන්තාවක්.

11 හැවිරිදි පුතාගේ තත්ත්වය බරපතල නොවන අතර, ඔහු තවදුරටත් ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී පොලීසියට ලිපියක් හමුවී ඇති අතර එහි සදහන් කර ඇත්තේ මියගිය එම කාන්තාව කලක සිට යම් මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගෙන ඇති බැවින් ඒ සඳහා වූ බෙහෙත් පානය කිරීම ශරීරයට ඉතා දුෂ්කර කාර්යයක් වී ඇති බවයි.

මේ හේතුවෙන් තමන් සියදිවි හානි කරගැනීමට තීරණය කළ බව එහි සදහන්ව ඇතැයි පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

බිත්තර ආනයනයට සීමා

අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි ඉන්දියාවෙන් බිත්තර ආනයන කිරීමේ කටයුතු සීමා කර තිබෙනවා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ,...

හම්බන්තොට වරාය සහ කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය කරන්න චීනෙට දෙනවා – අගමැති

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට චීනය සහය දෙන බව චීන මාධ්‍ය වාර්තා කරනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපුටාදක්වමින්  South China Morning...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.45ක් ලෙස...