ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් 62 හැවිදිරි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි සිවුදරු මවක්.
මරණකාරිය ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ඇතුන්ගම දෙස සිට තිරප්පනය නගරය දෙසට ධාවනය කර තිබුණා.
එම දෙසට ගමන් කරමින් තිබූ මෙම ට්රැක්ටරය ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ 08 කණුව වංගුව අසලදී ඉස්සර කිරීමට යාමේදී ට්රැක්ටර් රථයේ ගැටි වැටිමෙන් පසුව එම ට්රැක්ටරයට යටවීම නිසා බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මිය ගොස් තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් තිරප්පනේ පදිංචිව සිටින 61 හැවිරිදි ට්රැක්ටර් රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්රියාත්මකයි