පෙර පාසල් යාම ප්රතික්ෂේප කළ බව පැවසෙන සිය 5 හැවිරිදි දැරිය පිලිස්සූ මවක් මහනුවර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර – නාගස්තැන්න ප්රදේශයේ කුලී පදනම මත නිවසක සිටි 30 හැවිරිදි මවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
ඇය විසින් හැන්දක් රත්කොට දැරියගේ ශරීරය පුලුස්සා තිබෙන බව පොලිසිය සඳහන් කළා.
තුවාල ලැබූ දැරිය මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්රතිකාර ලබනවා.
රෝහල් ප්රකාශකයෙකු සදහන් කළේ, දැරියගේ සිරුරෙහි ස්ථාන 04 ක පිලිස්සුම් තුවාල දක්නට ලැබෙන බවයි.
අත්අඩංගුවට ගත් මව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.