වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් සෝමියල් හංදිය ප්‍රදේශයේ දී අද (18) දින ගණේමුල්ල යුද හමුදා කඳවුරට අයත් කැබ් රථයක යතුරු පැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
පොලිසිය පවසන්නේ, මෙම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ 64 හැවිරිදි ඇතිලිවැව වැල්ලවාය ලිපිනයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් යුද හමුදා කැබ් රථයේ රියදුරු වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් රියදුරු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.