25 C
Colombo
Saturday, December 9, 2023

තෙල්දෙණිය රෝහලේ ගැබිණි වාට්ටුව මතට පස් කන්දක් කඩා වැටේ

- Advertisement -

මධ්‍යම පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් තෙල්දෙණිය මුලික රෝහලේ ගැබිණි වාට්ටුවට ඉහලින් පිහිටි පස් කන්දක කොටසක් වාට්ටු ගොඩනැගිල්ලට කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් රෝහල් වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මව්වරුන් 20දෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබුණා.

පවතින අනතුරුදායක තත්ත්වය යටතේ රාත්‍රී කාලයට අධික වර්ෂාව ඇතිවුවහොත් රෝහල් භුමියේ ඉහළ කොටසේ පස් කන්ද කඩා වැටීමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බවට රෝහල් කාර්ය මණ්ඩල ප්‍රකාශකයෙක් පැවසූ බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය යටතේ ඉදිරියටද අධික වැසි සහිත තත්ත්වයක් ඇතිවී පස් කන්ද තවදුරටත් කඩා වැටීමට පෙර කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගත යුතු බව රෝහල් කමිටුවේ නිලධාරියෙකු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...