කරන්දෙණිය – දිවියගහවෙල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, කලක සිට පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
සිද්ධියෙන් මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 35 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
ඝාතනය සිදු කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.