මහරගමදී තරුණයන් සංගීතාත්මක විරෝධතාවයක

ඇඳිරි නීතිය මධ්‍යයේ අද දිනයේත් දිවයිනේ විවිධ ස්ථාන වල විරෝධතා පැවැත්වුණා. මහරගම නගරයට රැස්වුණු තරුණයන් පිරිසක් සංගීතාත්මකව සිය විරෝධතාවය පලකර සිටි අතර එම විරෝධතාවයට කලාකරුවන්ගේ සහභාගීත්වයක් ද තිබුණා. කෙසේ නමුත් එම ස්ථානයට පැමිණි පොලිසිය තවත් මද වේලාවක් එම විරෝධතාවය සිදුකොට විසිර යන ලෙසට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් තවත් ගීත ගායනයකින් පසුව විරෝධතාවය අවසන් කළා.