යාපනය, පුන්නාලෙයි කඩුවාන් ප්‍රදේශයේ නිවසකින් අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ අවුරුදු 68ක් වයසැති වේලායුදම් බාලසුබ්‍රමනියම් නමැති විශ්‍රාමික විදුහල්පතිවරයෙක් එලෙස මිය ගොස් තිබු බවයි.
ඔහු සිය බිරිඳගෙන් වෙන්ව වසර 10ක පමණ කාලයක් මෙම නිවසේ තනිව වාසය කර ඇති අතර, අදාළ නිවස කුලියට දීමට සැලසුම්කර තිබූ බව ද වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, මරණයට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.