25.2 C
Colombo
Sunday, October 13, 2024

හිමිනමක් ඝාතනය කරලා

- Advertisement -

පොතුහැර ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ 64 හැවිරිදි බැවිලිගමුවේ සුජාත හිමි 29 වනදා රාත්‍රියේ පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොතුහැර පොලීසිය පවසනවා.

සුජාත හිමියන්ට අයත් පොතුහැර පරබැවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක් තුළදී ඝාතනය කර තිබෙන බවට වාර්තා වනවා.

මෙම හිමියන් ශ්‍රි ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ සේවය කර විශ්‍රාම ගොස් සිටියදී පසුගිය මාර්තු මාසයේදී පැවිදි දිවියට එළඹ ඇති බවට තොරතුරු අනාවරණයවී තිබෙනවා.

ඝාතනයට ලක්වූ හිමිනම විවාහකයකු වන අතර ඔහුගේ මීට බිරිද වසර 25 කට පමණ පෙර මොහු හැරදමා ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසනවා.

මිය ගිය දින රාත්‍රි කාලයේ හිමියන් හමුවීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇති අතර නිවස රැකබලා ගන්නා යුවලට නිවසින් පිටව යන ලෙසට පවසා හිමියන් විහාරස්ථානයේ සිට තම නිවසට පැමින ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එදින රාත්‍රියේ හිමිනමගේ ගෙල පෙදෙසට පිහියකින් ඇන ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (14) සිදුකෙරෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කර තිබුණේ එදිනට ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...

ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදා ඉන්න සිරමැදිරි පිටුපස තිබී සොයගත්තේ මොනවාද?

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන "ගනේමුල්ල සංජීව" හා "වෙලේ සුදා" රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...