නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ආසන්නයට ළඟා වී තිබෙනවා.
සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව ලෙසට එම යානාව ඉතිහාස ගත වනවා.
“Parker Solar Probe” නම් එම අභ්‍යවකාශ නිරීක්ෂණ යානයෙන් අද (05:00 GMT) විද්‍යාඥයින්ට සංඥා ලැබී තිබුණා.
දින කිහිපයක් ඉන් සංඥා නොලැබී තිබුණු හෙයින් එය සූර්යයා ගේ අධික උෂ්ණත්වයට විනාශ වූවාදැයි යන සැකය මතුවී තිබුණා.
මෙම යානය සූර්යයාට ළඟා වී ඇත්තේ සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3.8ක් නැතහොත් කිලෝ මීටර් මිලියන 6.1කට බව නාසා ආයතනය තහවුරු කර තිබෙනවා.
මෙම යානයට පැයට සැතපුම් 430,000ක (පැ.කි.මී. 692,000) වේගයෙන් ගමන් කළ හැකි බවත්, 1,800F (980C)ක උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බවත් නාසා ආයතනය පවසනවා.