ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ” වැඩසටහන යටතේ ඉදිකරන ලද පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවය ඊයේ (18) පැවැත්වුණා.
ඒ, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයට මෙතෙක් අඩුවක්ව පැවති ජාතික ක්‍රීඩාංගණයක අඩුව මකාලමින් ජනතා අයිතියට පත්වන පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ක්‍රිකට් ආයතනය වැය කර ඇති මුලු මුදල මිලියන 170ක්.
පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ අක්කර 45ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇති මෙම ක්‍රීඩාංගණය තණ තීරු 10කින් සමන්විතයි.
මෙම ක්‍රීඩාංගණයේ ඇති තවත් සුවිශේෂිත්වයක් වනුයේ ප්‍රධාන තණ තීරුවේ සිට ක්‍රීඩාංගණය වටාම මීටර් 80ක දුරින් හතරේ සීමාව එළීමේ හැකියාවෙන් යුක්ත වීමයි.
උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමය යටතේ පවතින අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, යන දිස්ත්‍රික්ක මෙන්ම නැගෙනහිර පළාතේ මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය කුසලතා වර්ධනය කර ගැනීමට මෙම ක්‍රීඩාංගණය මඟින් අවස්ථාව සැලසෙනු ඇති.