27.8 C
Colombo
Monday, December 2, 2024

වන අලි පහරින් නාවික ලුතිතන්වරයකු මරුට

- Advertisement -

පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අ‍ැති බව පූනෑව පොලිසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, රාජකාරී කටයුත්තක් සදහා කොළඹට පිටවගොස් බස්රථයකින් නැවත කඳවුරට පැමිණ අ‍ැති නිලධාරියා බස්රථයෙන් බැස කඳවුර වෙත ගමන්කරන අවස්ථාවේ වන අලි ප්‍රහාරයට ලක්ව අ‍ැති බවයි.

එලෙස මියගොස් අ‍ැත්තේ කුරුණැගල, නිට්ටඹුව පදිංචි නාවික නිලධාරී ලුතිතන් කමාන්ඩර් ජේ.එ‍්.එම්.සි ජයකොඩි නැමති පූනෑව නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ නිලධාරිවරයෙක්.

ඔහුට සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලබා ඇති අතර නාවික සෙබලුන් හා ප්‍රදේශවාසීන් සමඟ එක්ව නිලධාරියා රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

පසුව එම නිලධාරීවරයා  වවුනියාව මහ රෝහල වෙත අ‍ැතුලත් කිරීමේදි මියගොස් අ‍‍ැති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව මහ රෝහලේ සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් 

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට 30 වනදා...

POPULAR ARTICLES